උඩරට එන්ජින් චක්‍රය




ලංකාවේ තියන සීමිත එන්ජින් වලින් උපරිම වැඩ ගන්න එක අරමුණු කරගෙන තමයි මේ එන්ජින් චක්‍ර ක්‍රියාත්මක වෙන්නේ. උඩරට මාර්ගය ගත්තම සීමිත එන්ජින් ප්‍රමාණයකට විතරක් ඒ පාරවල් වල යන්න පුලුවන් කම තවත් ලොකු හේතුවක්. මෙන්න මෙහෙමයි උඩරට එන්ජින් රොටේෂන් එක වෙන්නේ. 


  • අපි හිතමු දෙසැම්බර් 01 වෙනිදා 1007 අරන් බදුල්ලෙ යනවා කියලා M6 792 එන්ජිම. එදා රෑ මෙයා බදුල්ලෙ ඉන්නවා.   
  • ඊලග දවසේ ඒ කියන්නේ දෙසැම්බර් 02 වෙනිදා මේ 792 බදුල්ලෙන් නුවර යන 1596 මිශ්‍ර දුම්රිය නාවලපිටියට යනකල් අරන් යනවා. නාවලපිටියෙදි මේ එන්ජින් එක අයින් කරලා M5 එකක් හරි W3 එකක් හරි එක්ක කෝච්චිය නුවරට යවන අතරේ 792 යනවා ගම්පොළට.
  • මේ අතරේ දෙසැම්බර් 02 වෙනිදා 1045 (කොටුව - බදුල්ල මේල් එක) එනවා කියල හිතමු M6 783 එන්ජින් එකත් එක්ක. 
  • මේ 1045 ට ගම්පොළදි අපි කලින් කිව්ව 792 සම්බන්ධ කරනවා සහයක එන්ජිම විදියට. එතකොට මේල් එක 792 හා 783 එන්ජින් දෙකත් එක්ක බදුල්ලට එනවා දෙසැම්බර් 03 වෙනිදා උදේට. 
  • ඊළගට එදාම (දෙසැම්බර් 03) 1008 අරන් කොළඹ එන්නේ 792 එන්ජිම. 
  • ඒක එහෙම වෙන අතරවාරයේ දෙසැම්බර් 02 දා කොටුවෙන් පිටත් වුන 1045 අරන් ආව 783 දෙසැම්බර් 03 උදේ වෙනකොට බදුල්ලට ඇවිත් එදාම හවස 5.50 ට බදුල්ලෙන් පිටත් වෙන 1046 තැපැල් දුම්රියේ සහයක එන්ජිම විදියට යනවා නාවලපිටියට. 
  • 783 එතනට වෙලා පැය කීපයක් ඉන්නේ 1126 මහනුවර - බදුල්ල මික්ස් එක එනකල්. ඒ කියන්නේ දෙසැම්බර් 04 වෙනිදා පාන්දර 3.30 ට පිටත් වෙන එක. M5 එකක් හරි W3 එකක් හරි එක්ක එන 1126 නාවලපිටියෙ ඉඳන් බදුල්ලට ගෙනියන්නේ අපේ කතාවේ ඉන්න 783.
  • ඊට පස්සෙ එදාම හවස බදුල්ලෙන් පිටත් වෙන මේල් එකේ ප්‍රධාන එන්ජිම විදියට 783 කොළඹ එනවා දෙසැම්බර් 05 වෙනිදා උදේ වෙනකොට. 


මේ විදියේ එන්ජින් රොටේෂන් එකක් තමයි දැනට (2019 දෙසැම්බර්) උඩරට මාර්ගය අවට සිද්ද වෙන්නේ. උඩරට මාර්ගයට S12 එන්න කලින් 1007 / 1008 වෙනුවට පොඩි මැණිකේ (1005 / 1006) එක්ක තමයි මේ රොටේෂන් එක සිද්ධ වෙලා තියෙන්නේ.  ඒ කාලෙත් හැබැයි උඩරට මැණිකේ (1015 / 1016) මේ රොටේෂන් එකට සම්බන්ධ වෙලා නෑ. අද කොටුවෙන් බදුල්ල යන 1015 එක්ක යන එන්ජින් එක හෙට 1016 එක්ක ආපහු කොළඹ එන විදියටයි ඒක තිබුනේ. 


මේකේ සාරාංශය ගත්තම, දෙසැම්බර් 01 වෙනිදා උදේ කොළඹින් යන 792 එන්ජිම ආපහු කොළඹට එන්නේ දෙසැම්බර් 03 වෙනිදා රෑට. ඒ එක්කම දෙසැම්බර් 02 වෙනිදා රෑට කොළඹින් පිටත් වෙන 783 එන්ජිම ආපහු කොළඹ එන්නේ දෙසැම්බර් 05 වෙනිදා උදේට. ඒ එක දිගට සෑහෙන ලොකු වැඩ ප්‍රමාණයක් කරල පොඩි විවේකයක් ගන්න බලාගෙන. 


Post a Comment

0 Comments