කොළඹ කොටුව සිට මහව හන්දිය දක්වා පුලතිසි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ දෙවනි පන්තියේ ආසනයක් වෙන් කරවා ගත් ටිකට් පතක් |
ආසන වෙන්කරවා ගත හැකි දුම්රිය ස්ථාන
මේ පහසුකම නම් ලංකාවේ හැම කෝච්චියකම නෑ.
සමහර දුර ගමන් සේවා දුම්රියයන් වල, රාත්‍රී තැපැල් දුම්රියයන් වල, නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියයන් වල තමයි දැනට ආසන වෙන් කිරීමේ පහසුකම් තියෙන්නේ.
වෙන් කල හැකි ආසන වර්ග
- වායු සමනය කල පළමු පන්තිය (AFC)
- නැරඹුම් මැදිරිය (OFV)
- පළමු පන්තියේ වෙන්කල ආසන (FCR)
- පළමු පන්තියේ නිදන මැදිරිය (FCB)
- දෙවන පන්තියේ වෙන්කල ආසන (SCR)
- දෙවන පන්තියේ නිදන ආසන (SCS)
- තුන්වන පන්තියේ වෙන්කල ආසන (TCR)
- තුන්වන පන්තියේ නිදන ආසන (TCS)
ආසන වෙන් කිරීමේ පහසුකම් ඇති දුම්රියයන් හා ගාස්තු
සැකසෙමින් පවතී.....
ආසන වෙන් කිරීම
ආසන වෙන් කිරීමේ පහසුකම් ඇති සෑම දුම්රියක් සඳහාම එම සේවාව ලබා දීම පටන් ගන්නේ අදාළ ගමනට දින 30කට කලින්දා උදේ 10.00ටයි.
උදාහරණයක් විදියට සැප්තැම්බර් 13 වෙනිදාට අදාල ආසන වෙන් කිරීම ඇරඹෙන්නේ අගෝස්තු 14 වෙනිදා උදේ 10.00ටයි.
මෙහිදී රාජ්‍ය සේවකයන්ට ලැබෙන නිදහස් ගමන් බලපත්‍ර (වොරන්ට්ස්) සඳහා පළමු පන්තියේ හා දෙවන පන්තියේ ආසන පමණක් වෙන් කරවා ගත හැකි අතර තුන්වන පන්තියේ ආසන වෙන්කරවා ගත හැක්කේ මුදල් ගෙවීමෙන් පමණයි.
ආසන වෙන් කරවා ගැනීමට
- ආසන වෙන් කිරීමේ පහසුකම් ඇති ඕනෑම දුම්රිය ස්ථානයකට ගොස් එම පහසුකම ඇති ඕනෑම දුම්රියක ආසන වෙන් කරවා ගත හැකිය. (එම දුම්රිය ස්ථාන ලැයිස්තුව)
- Mobitel හෝ Etisalat දුරකථනයකින් 365 ඇමතීමෙන්ද, SLT දුරකථනයකින් 1365 ඇමතීමෙන්ද, Dialog දුරකථනයකින් 444 ඇමතීමෙන්ද මෙම සේවාව ලබා ගත හැක. (අදාල දුරකථන සමාගම අනුව අමතර ගාස්තු අය වේ)
- https://seatreservation.railway.gov.lk/mtktwebslr/ වෙබ් අඩවිය හරහාද ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම සලසා ඇත. මෙම ක්‍රමයෙන් ආසන වෙන් කරවා ගත් පසු එම යොමු අංකය රැගෙන ආසන වෙන්කිරීමේ පහසුකම් ඇති දුම්රිය ස්ථානයකට ගොස් ගමනට වලංගු ප්‍රවේශ පත්‍රය ලබා ගත යුතු වේ.
- නිදහස් ගමන් බලපත්‍ර(වොරන්ට්ස්) සඳහා ආසන වෙන් කරවා ගැනීමට ආසන වෙන්කිරීමේ පහසුකම් ඇති දුම්රිය ස්ථානයක් වෙත යා යුතුම වේ.
ගමන අවලංගු වීම / අවලංගු කිරීම
- දුම්රිය පීලි පැනීමක්, වෙනත් අනතුරක් හෝ අධික ප්‍රමාදයක් නිසා දුම්රිය ගමන් වාරය අවලංගු වීමකදී දින 07ක කාලයක් තුල අදාල දුම්රිය ස්ථානාධිපතිතුමා මගින් ගෙවන ලද ගාස්තුව ආපසු ලබා ගත හැක.
- ආසනයක් වෙන් කර ගැනීමෙන් පසුව කිසියම් හේතුවක් නිසා ගමන අවලංගු කිරීමට සිදු වෙනවා නම්, එම පහසුකම ඇති දුම්රිය ස්ථානයක් වෙත ගොස් ආසනය අවලංගු කල හැකි අතර,
- යෝජිත ගමනට දින 7කට පෙර අවලංගු කිරීමකදී වටිනාකමෙන් 75%ක්
- යෝජිත ගමනට දින 7කට නොවැඩි සහ දින 2කට නොඅඩු විට වටිනාකමෙන් 50%ක් ලෙස ගෙවූ ගාස්තුව ආපසු ලබා ගත හැක.
- යෝජිත ගමනට දින 2කට වඩා අඩු කාලයකදී සිදු කරන අවලංගු කිරීම් වලට මුදල් ආපසු ගෙවීමක් සිදු නොකෙරේ.
0 Comments