තිස්හත් වසරක අත්දැකීම් හා දුම්රියේ දේ ගැන ෆේස්බුක් ලිපි එකතුවක්


 

මෙහි කතුවරයා 1979 සිට 2016 දක්වා පුරා වසර 37ක කාලයක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නියාමකවරයෙකුව සිටි ඩී.කේ.කේ.ලක්ෂ්මන් මහතායි. 

දුම්රිය නියාමකවරයෙකු යනු දුම්රිය ධාවනයට ඍජුවම සහභාගීවන හා විවිධ දේශගුණික කලාප, මාර්ග හරහා නිරන්තරයෙන්ම ගමන් කරන්නෙකු බැවින් දුම්රියේ වෙනත් නිලධාරීන්ට වඩා අත්දැකීම්වලින් පොහොසත් පුද්ගලයෙකි. එබැවින් ඔහු දකින පරාසය ද පුළුල් බැවින් පාඨකයාට ඉන් වැඩි තොරතුරු ප්‍රමාණයක් ලබාදීමට හැකියාවක් ඇත්තෙක්ද වේ. 

යනුවෙන් හිටපු  දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු වූ නීතිඥ ජී.ඩබ්ලිව්.එස්.සිසිර කුමාර මහතා මෙහි පෙරවදනෙහි සඳහන් කර ඇත. එම කියමන කෙතරම් දුරට සත්‍යයක්දැයි යන්න මෙම පොත කියවූ අයෙකුට මනාව වැටහෙන බව නොඅනුමානයි. 

2016 දී විශ්‍රාම ගැනීමෙන් අනතුරුව 2019 පමණ කාලයේ පටන් වරින් වර ඔහුගේ ෆේස්බුක් ගිණුම් දෙකක් හරහා දුම්රිය සම්බන්ධ විවිධ දෑ පල කලේ දුම්රියට ඇති ඇල්ම තව තවත් පැහැදිලි කරමිනුයි. එසේ වරින් වර ඉදිරිපත් කෙරුණු කරුණුත්, වසර 37ක් වූ සිය නියාමක දිවියේ අත්දැකීමුත් එකතු කරමින් ඔහු විසින් මෙම පොත මෘදු පිටපතක් ලෙස දුම්රියට ඇලුම් කරන්නන්ගේ පරිශීලනය සඳහා ෆේස්බුක් හරහා නොමිලයේ ලබාදෙන ලදී.

ඒ මහතාගෙන්  පුද්ගලිකවම ලබා ගත් පූර්ණ අවසරයකින් පසුව එතුමන්ගේ එම කෘතිය එලෙසින්ම රේල්ලුව අපි මෙලෙස ඉදිරිපත් කරමු. 



Post a Comment

2 Comments

  1. ඔබතුමාට ගොඩක්ම ස්තූතියි වටිනාම ඇගයීමකට ලක්කර හොඳ හැඳින්වීමක්ද සහිතව පොත ඉදිරිපත් කිරීම පිළිබඳව.. දුම්රියේ දේවල් ගැන දැනගන්න ආසාවෙන් බලාගෙන සිටින බොහෝ පිරිසකට මෙම පොත ඒ සඳහා මහඟු පිටිවහලක්ම වේවි.. නවීන තාක්‍ෂණය භාවිත කරමින් මෙවන්දෑ සමාජගත කිරීම ඇත්තටම හරිම වැදගත්ය.. ඔබතුමාගේ වෑයමට නැවත ස්තූතියි මගේ ගෞරවය පුදකරමි!!!

    ReplyDelete
    Replies
    1. ඔබතුමන් විසින් මෙවන් පොතක් සම්පාදනය කිරීම ඉතාම වැදගත්. එය මෙසේ පල කිරීමට අවසර දීම මෙන්ම එය ඇගයීමද අපිට ලොකු සතුටක්. බොහෝම ස්තූතියි.

      Delete