දේවිකාගේ බදුලු ගමන

පාසල් වියේ දරුවන් අරමුණු කොටගෙන සම්පාදනය වී ඇති මෙම කෘතිය දිවයින පුරා විවිධ දුම්රිය ස්ථානවල දුම්රිය ස්ථානාධිපතිවරයෙකු ලෙසද පසුව දුම්රිය පාලකවරයෙකු ලෙසද පුරා වසර තිස් නවයක කාලයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කල සිරිසේන රාජපක්ෂ මහතා අතින් සම්පාදනය වූවකි. 

කොළඹ සිට බදුල්ල දක්වා ඒ දුම්රිය ගමනේ අසිරිය මනාව පැහැදිලි කරන මෙම කෘතිය දුම්රියෙන් බදුල්ල දක්වා ගමන් කරන අයෙකුට අත්වැලක් සේම මෙම ගමනේ අසිරිය සියැසින් විඳීමට වරම් නොලැබූවන් හට එහි ආශ්වාදය විඳීමට වගේම එය අත්විදීමට ලබාදෙන රුකුලක් බව කිව හැකිය. 

සිරිසේන රාජපක්ෂ මහතා විසින් 2011 වසරේදී එලිදැක්වුන මේ කෘතිය පසුකාලීනව දර්ශන චන්දිමාල් මහතා අතින් ඩිජිටල් සංස්කරණයක් ලෙස නිකුත් විය. එහිදී චන්දිමාල් මහතා විසින් සඳහන් කර ඇති ආකාරයට ඒ සඳහා සිරිසේන මහතාගේ පූර්ණ අවසරය ලබාගෙන ඇති අතර මූල්‍යමය අරමුණකින් තොරව බෙදා හැරීමට බාධාවක් නොමැති බවද සටහනක් යොදා ඇත. ඒ අනුව රේල්ලුව අපි මෙය මෙලෙස ඉදිරිපත් කරමු. 



Post a Comment

0 Comments